උඩවලව ඇත් අතුරු සෙවණ විවෘත නොකරන්නේ ඇයි

වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන උඩවලව ඇත් අතුරු සෙවණ කොරෝනා වසංගතය නිසා දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව, බලධාරීන්ගේ උපදෙස් පරිදි තාවකාලිකව අත්හිටුවිය. ඒ නිසා රජයට දිනකට ලක්ෂ 2 පමණ ආදායමක් අහිමි වෙමින් පවතී.

දැනට ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් 55 දෙනකු පමණ පුනරුත්ථාපනය කිරීම සිදු කරයි. එම අලි පැටවුන් සඳහා කිරි දීමට දිනකට රුපියල් ලක්ෂයක් පමණ වැය වන බව ඇත් අතුරු සෙවණේ බලධාරීහු පවසති. මේ තත්ත්වය මත උඩවලව ඇත් අතුරු සෙවණට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කිරීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පියවරක් ගැනීම ප‍්‍රමාද කරන්නේ මන්දැයි දෙස් විදෙස් සංචාරකයෝ ප‍්‍රශ්න කරති.

බලධාරීන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් උඩවලව ඇත් අතුරු සෙවණ දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරන ලෙසයි.

උඩවලවේ – එච්. එස්. අබේරත්න

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish