අයිපීඑල් සටන දෝනි සහ ෂර්මා අරඹති

2020 අයිපීඑල් තරගාවලියේ නිල කාල සටහන එළිදැක්වීම අයිපීඑල් පාලක සභාව මගින් පසුගිය ඉරිදා සිදු කෙරිණි. එ් අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන 19 වැනිදා පැවැත්වෙන සමාරම්භක තරගයේදී පසුගිය අයිපීඑල් ශූරයින් වන රෝහිත් ෂර්මා නායකත්වය දෙන මුම්බායි ඉන්දියන්ස් හා මහේන්ද්‍ර සි දෝනි නායකත්වය දෙන චෙන්නායි සුපර්  කිංග්ස් කණ්ඩායම මුණ ගැසීමට නියමිතය.

තරගාවලියේ තරග කිහිපයක් ශී‍්‍ර ලංකා වේලාවෙන් සවස  3. 30ට ආරම්භ වීමට නියමිත අතර අනෙකුත් තරග සියල්ල මෙරට වේලාවෙන් රාතී‍්‍ර 7. 30ට ආරම්භ වීමට නියමිතය. කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන් රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් සඳහා මූලික වටයේදී තරග 3 බැගින් හිමිවන අතර චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, කිංග්ස් 11 පන්ජාබ් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් තරගාවලියේ මූලික වටයේදී තරග දෙක බැගින් කී‍්‍රඩා කිරීමට නියමිතය.

ගෝලීය වසංගත තත්ත්වයෙන් ඉන්දියාවට වැඩිම බලපෑමක් එල්ලවීම මත මෙවර අයිපීඑල් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහී පැවැත්වීමට පාලක මණ්ඩලය තීරණය කළේය. එ් අනුව තරගාවලියේ සියලූම තරග අබුඩාබි, ඩුබායි සහ සාජා යන කී‍්‍රඩාංගණවල පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ස්ථානය පසුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව අයිපීඑල් පාලක මණ්ඩලය කියා සිටී.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish