ඔස්ටේ‍්‍රලියාවට එරෙහි විස්සයි විස්ස සටන එංගලන්තය ජය ගනී

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය කඩුලූ 6කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. එ් අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ

2-0ක් ලෙසින් පෙරමුණ ගනිමින් තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය කලින්ම වෙන් කර ගැනීමට සත්කාරකයෝ සමත්වූහ.

ලකුණු 157ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ඉනිමට ජයග‍්‍රාහී ආරම්භයක් එක් කළ ජෝස් බට්ලර් පන්දු 54කින් නොදැවී ලකුණු 77ක් වාර්තා කළේය. එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් කිරීමටද ඔහු වග බලාගත්තේය. බට්ලර්ගේ ඉනිමට අනෙක් පසින් සහය එක් කළ ඬේවිඞ් මාලන් පන්දු 32කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 42ක් වාර්තා කිරීමට සමත් වෙද්දී ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 105ක් එක්කොට තිබිණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ඬේවිඞ් වෝනර් ලකුණු නොලබා දැවී ගියේය. එ් අනුව පන්දුවාර 12ක් කි‍්‍රයාත්මක වෙද්දී මුළු ලකුණු 89කට ඔස්ටේ‍්‍රලියානු පළමු කඩුලූ 5 දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එ්රන් ෆින්ච් පන්දු 33කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 40ක් වාර්තා කළේය.

දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අද පැවැත්වේ.

ලකුණු සටහන

ඔස්ටේ‍්‍රලියව පන්දුවාර 20කදී කඩුලූ 7ක් දැවී ලකුණු 157යි (එ්රන් ෆින්ච් 40, මාකොස් ස්ටොනිස් 35, ග්ලේන් මැක්ස්වෙල් 26, කි‍්‍රස් ජෝදන් 2/40)

එංගලන්තය පන්දුවාර 18. 5කදී කඩුලූ 4ක් දැවී ලකුණු 158යි (ජෝස් බට්ලර් (නොදැවී) 77, ඬේවිඞ් මාලන් 42, ඇස්ටන් ආගර් 2/27)

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish