බංග්ලාදේශ පිලේ සංචාරයට ශ්‍රී ලංකාව සූදානම්

ගෝලීය වසංගතයක් වූ කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කාණ්ඩායම සහභාගි වන පළමු ටෙස්ට් තරගාවලිය ලබන ඔක්තෝබර් 24 වැනිදා මහනුවරදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ආරම්භවීමට නියමිතව තිබේ. එ් අනුව අදාළ තරගාවලියට සමගාමීව ශී‍්‍ර ලංකා සංචිතයේ පුහුණුවීම් මේ සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.

කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් රට වසා දැමීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුවීම් පළමු වරට පසුගිය ජූලි මාසයේදී ආරම්භ කෙරිණි. එ් අනුව සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුකූලව පුහුණුවීම් කටුයතු කිරීම සිදු කෙරුණු අතර නේවාසික පුහුණු කඳවුරු දෙකකදී අදියර දෙකක් යටතේ එය කි‍්‍රයාත්මක විය.

කෙසේ වෙතත් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී  වන ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය පසුගියදා නම් කෙරිණි. එ් අනුව කී‍්‍රඩකයින් 23 දෙනකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර නවක කී‍්‍රඩකයින් වන ළහිරු උදාර, දුවිඳු තිලකරත්න, සන්තුෂ් ගුණතිලක සහ මිනෝද් භානුකටද එහි ස්ථානයක් හිමිව තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්නගේ පුත් උවිඳු තිලකරත්න පසුගියදා නිමා වූ අන්තර් සමාජ පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී වැඩිම කඩුලූ ලාභියා බවට පත් විය. ඔහු එම තරගාවලියේ තරග 9කදී කඩුලූ 61ක් බිඳ දැමීමට සමත් විය.

ළහිරු උදාර නිමාවට පත් වූ අන්තර් සමාජ පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහු මෙවර තරගාවලියේදී තරග 9 තුළ මුළු ලකුණු 1039ක් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් ආරම්භ කිරිමට බංග්ලාදේශ කණ්ඩායමද කටයුතු කළ අතර නමුත් එරට කි‍්‍රකට් ආයතනය විසින් එම පුහුණුවීම් නවතා දැමීය. බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ සිටින කාර්යය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පුහුණුව නවතා දැමීමට ඔවුන් කටයුතු කළේය. කෙසේ වෙතත් ලබන 21 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණීමෙන් අනතුරුව සතියක නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ශී‍්‍ර ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප‍්‍රනාන්දු, ලහිරු උදාර, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, මිනොද් භානුක, ලහිරු තිරිමාන්න, සංතුෂ් ගුණතිලක, කමිදු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙනිය, දුවිදු තිලකරත්න, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප‍්‍රනාන්දු

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish