කෝවිඩ් උපදෙස් පිළිනොපැද්දොත් නීතිමය පියවර

කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙරටින් කොවිඩ් – 19 රෝගය වැළඳුණු නව දෙනෙක් ඊයේ හඳුනාගනු ලැබූ අතර ඉන් සිව් දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙක් ද ඊයේ හඳුනාගත් රෝගීන්ට අයත්.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් ඊයේ හඳුනාගැනුණු රෝගීන් අතර වනවා.අනෙක් රෝගියා ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු සිවිල් නාවිකයෙක්.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish