උඩප්පුව පෙරියපාඩුව මුහුදු වෙරළට මත්කුඩු පාර්සලයක් ගොඩගසයි

උඩප්පුව පෙරියපාඩුව  මුහුදු වෙරළට    21  පෙරවරුවේ  මත්කුඩු පාර්සලයක් ගොඩ ගසා ඇති අතර   එය ප්‍රදේශයේ ධීවරයෙකුට හමු වී  ඇති  අතර ඔහු මේ කුඩු පාර්සලය උඩප්පුව පොලිසියට භාර දීමට කටයුතු කර තිබේ . මේ කුඩු පාර්සලයේ විදේශ රටක ලාංජන කීපයක් දක්නට ලැබේ .  මේ පාර්සලය  පොලිතින් උර කීපයකින් හා රෙදි බැගයකින් ඔතා තිබු අතර මෙහි බර කිලෝග්‍රෑම් එකකි .  මේ මත්කුඩු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් විය හැකි බව  පොලිසිය විශ්වාස කරයි . එසේ වුව හොත් මෙහි වටිනාකම රුපියල් කෝටියකට අධික වේ .

මේ කුඩු පාර්සලය හමුවී ඇත්තේ  පෙරියපාඩුව ග්‍රාමයේ ජිවත් වන ධීවරයෙකු වන  ඇන්ටනි රූබන් මහතාටයි . ඒ මහතා  21 පෙරවරු 06.30 ට පමණ මුහුදු යාම සදහා පැමිණි අවස්ථාවේ වෙරළට ගොඩ ගසා තිබු මේ පාර්සලය දැක අහුලා ගෙන ඇත . මේ පිලිබදව කල විමසීමේදී ඔහු කියා සිටියේ පාර්සලය අහුලා ගැනීමෙන් පසු  එහි තිබු ලාංජනය දුටු බවයි .ඒ අනුව මෙය මත්කුඩු විය හැකි බව  අනුමාන කල තමන් මේ බව ප්‍රදේශයේ ධිවර නායකයනට හා උඩප්පුව පොලිසියට දැනුම් දීමට ක්‍රියා කල බව පැවසිය .

මේ පිලිබදව කල විමසීමේදී  පෙරියපාඩුව ග්‍රාමයේ ධිවර නායකයෙකු වන  ප්‍රෂන්තා පියනන්ද මහතා කියා සිටියේ මේ ධිවර මහතාව රජය විසින් ඇගයීමකට ලක් කල යුතු බවයි . මොහු මේ කුඩු පාර්සලය පොලිසියට භාර දීමට  ක්‍රියා කිරීම සමස්ත ධිවරයන්ටම ආදර්ශයක් බවද පැවසිය .
මේ පිලිබදව උඩප්පුව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත . – ප්‍රසාද් පූර්ණිමාල්

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.