20 අවශ්‍ය වුවහොත් යලි සලකා බැලීමට රජය සූදානමින්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස්කර ගැනීමට කිසිදු තීරණයක් නොමැති බව රජය ඊයේ යළිත් කියා සිටි නමුත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ කමිටු අදියරේදී ඒ සඳහා සංශෝධනය කළ හැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.  පීරිස් මහතා පවසනවා.
සැප්තැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවේ නියෝග පත්‍රයට ඇතුළත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයඅද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

පාර්ලිමේන්තුවේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය න්‍යාය පත්‍රයට ඇතුලත් කර සතියක් ඇතුළත උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි වනවා.

අනතුරුව  එම සංශෝධනයේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න සති තුනක් ඇතුළත අධිකරණය විසින් තීරණය කළ යුතුයි.

පසුව, පාර්ලිමේන්තුවේ කමිටු අවධියේදී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු යළි සළකා බැලීමටයි නියමිත වන්නේ. 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.