පූජිතගේ සාක්ෂිය අහන්න හිටපු ජනපති පාස්කු ප්‍රහාර කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද (22) පෙරවරුවේ පැමිණියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කොමිසම වෙත පැමිණි බවයි වාර්තාවුණේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදීම සදහා කොමිසම වෙත පැමිණ සිටින අතර  එම සාක්ෂි ලබා දෙන අයුරු හිටපු ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වෙනු ඇති.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.