අභ්‍යන්තර කරුණුවලට මැදිහත් නොවන්න / ජනපති ජාත්‍යන්තරයට කියයි

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම  එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව  එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්”(United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේ.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිඳු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බවද ජනාධිපතිවරයා කියා සිටියා.

2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ (21) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරුණා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.