

ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත කොරෝනා වෛරසය මර්දනය සඳහා සාධනීය මට්ටමක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිඛෙනවා.
සී එන් එන් පුවත් සේවය පැවසුවේ , ඊශ්‍රායලයේ පරියේෂකයන් පිරිසක් සිදුකළ අධ්‍යයනයකට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොරෝනා ආසාදනය සියයට 90කින් අවම කිරීමට ෆයිසර් එන්නත සමත්ව ඇති බවයි.
ඊශ්‍රායලයේ දෙවන කොරෝනා එන්නත ලබාගත් දහස් සංඛ්‍යාත පිරිසකගේ දත්ත භාවිත කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිඛෙනවා.
ඒ අනුව එන්නත ලබාගත් පසු කොරෝනා වැළදුණු පිරිස සියයට 10කට අඩු මට්ටමේ පවතින අතර ඉන් බහුතරයක්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකල අය වනවා.
මේ පිළිබද පැහැදිලි කරන පර්යේෂකයන් පවසන්නේ , අපේක්ෂා කළ මට්ටමට වඩා සාධනීය තත්ත්වයක් ෆයිසර් එන්නතේ පවතින බවයි.
එසේම කොරෝනා එන්නත්වල සාධනීයත්වය පිළිබද සුබවාදී බලාපොරොත්තුවක් ලෙසද එය නම් කර තිඛෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476