තවත් කොරෝනා ආසාදිතයන් 14ක්

මෙරටින් තවත් Covid -19 අසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියෙකු වන අතර ඉතිරි පුද්ගලයින් 13 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්.

ඔවුන් අතරින් සවුදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් 7 දෙනෙකු ද , කුවේට් සිට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ද , කටාර් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද , ඉන්දියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු ද වන බව වාර්තා වුණා.

එම පුද්ගලයින් 14 දෙනා සමග කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයන් සංඛ්‍යාව 650 ක්.

මේ අතර අද දින (23) උදෑසන දෝහාකටාර් සිට පුද්ගලයින් 42කු සහ ඉන්දියාවේ සිට එක පුද්ගලයෙකු ද මෙරටට පැමිණ තිබෙනවා.

එසේ පැමිණෙන පුද්ගලයින් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.