හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු හා ප්‍රවීණ ක්‍රීඩා විචාරකයකුවූ ඩීන් ජෝන්ස් මහතා මරණයට පත්ව තිබෙනවා.
ඒ ඉන්දියාවේ මුම්බායි නුවරදීයි.
හෘද්‍යාබාධයක් හේතුවෙන් මිය යන විට ඔහු 59 වන වියේ පසුවුණා.
අයි පී එල් තරගාවලිය සම්බන්ධවීමට ඉන්දියාවට පැමිණ සිටියදී ඔහු මෙසේ මරණයට පත්ව තිබුණා.
ඩීන් ජෝන්ස් දකුණු ආසියාව පුරා ක්‍රිකට් සංවර්ධනය සඳහා කටයුතු කළ ක්‍රීඩා තානාපතිවරයකු ලෙසයි නම් කරනු ලබන්නේ.
ශූර විස්තර විචාරකයකු වූ ඔහු ලොව පුරා මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා සිටියා.
(1984 සිට 1992)ජාත්‍යන්තර වෘත්තීය දිවිය තුළ ඩීන් ජෝන්ස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 ක් සහ එක්දින තරග 164 ක් ක්‍රීඩා කර තිබෙනවා.
ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ලකුණු 3631 ක් රැස් කර ඇති ඔහුගේ සාමාන්‍යය 46.55 ක්.
එක්දින තරගවලදී ඔහු ලකුණු 6068 ක් රැස් කරමින් 44,61 ක සාමාන්‍යයක් රදවා ගෙන තිබුණා.
මහාචාර්ය ඩියානෝ ලෙසයි ඔහු ලොව පුරා ප්‍රකටව සිටින්නේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.