බැඳුම්කර කොමිසමේ නිර්දේශ පරිදි චූදිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නීතිපතිවරයාගේ තීරණය සති දෙකක් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙම කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසුව නීතිපතිවරයා සිය කාර්යාලයට කැඳවූ මෛත්‍රීපාල සිරිසේන මහතා වාර්තාවට අදාළව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් බැඳුම්කර වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී තිබුණා.

අනතුරුව නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා සිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් අදාළ වාර්තාව විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි සදහන්.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නීති උපදෙස් සපයන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව දෙසතියක් තුළ අවශ්‍ය කරුණු දැක්වීම සිදු කෙරෙනු ඇතැයි ප්‍රකාශිතයි.

බැඳුම්කර වාර්තාවේ නිර්දේශ අනුව හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිහේන යන අයට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගන්නැයි බැඳුම්කර කොමිසම නිර්දේශ කර තිබුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.