මෛත්‍රීට ,ලේකම්ට සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලාට පාස්කු කොමිසමෙන් අවවාද

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බැවින් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට කොමිසම අවවාද කළා.

කොමිසන් සභාවේ සාක්ෂි විමසීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව නිකුත් කර තිබූ මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනුයි මේ බව ප්‍රකාශ කෙරුණේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ නම් ශීර්ෂයෙන් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙවැනි නිවේදන තුළින් අධිකරණයට සමාන බලතල ඇති ජනාධිපති කොමිසමේ අධිකාරී බලයට අපහාසයක් සිදු වන බවටයි හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කොමිසම වෙත පැමිණිල්ලක් නිකුත් කරමින් කියා සිටියේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.