නව නිපැයුම්වලට ආයෝජකයින් සොයන්න – ජනපතිගෙන් උපදෙස්

ආයෝජකයන් හඳුනාගෙන මෙරට නව නිපැයුම් වෙළෙඳපොළට හඳුන්වාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ.

දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගත හැකි නව නිපැයුම් නිෂ්පාදනය කිරීම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට උපයා ගැනීමට සහ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමට හැකි වනවා. නිසි ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් සහ තානාපතිවරුන්ගේ සහාය ඇතිව ආයෝජකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ආයෝජන අවස්ථා හඳුනාගෙන යටිතල පහසුකම් හා අනුමැතිය ලබාදීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.