20 ට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට  එරෙහිව දැනට ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර තිබෙනවා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ඊට ඇතුලත්.

මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිතයි.

මේ වන විට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට  එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.