එංගලන්තයෙන් ආ කසළ කන්ටේනර් හරවා යවයි

කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි.

2017 වසරේ බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට කසළ අඩංගු කන්ටේනර් තොගයක් ආනයනය කර තිබුණි.

ඒ, 2013 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයක් භාවිත කරමින් ය.

භාවිත කළ මෙට්ට තොගයක් බව ප්‍රකාශ කරමින් ගෙන්වූ මෙම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි දෑ සොයාගත් බව රේගුව සඳහන් කළේ ය.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.