උතුරේ දූපත් ගැන තීරණය ලංකාවේ වැඩක් /අනවශ්‍ය බාධා එපා ,චීනය ඉන්දියාවට කියයි

Sri Lanka

උතුරේ දූපත් 3ක් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ඉන්දීයව විරෝධයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිඛෙනවා.
ඒ අනුව චීන තානාපති කාර්යාලය පවසන්නේ මෙම ව්‍යාපෘති චීන සමාගම් වෙත ලබාදීම , ජාත්‍යන්තර මට්ටමේ ටෙන්ඩර් කැදවීමේ ක්‍රියාවලියක් අනුව සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස තමන්ට ගැලපෙන සුදුසු කොන්ත්‍රාත්කුරුවකු තෝරා ගැනීමේ අයිතියක් ඇතැයිද චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම ආයෝජනයට සම්බන්ධ චීන සමාගම පුද්ගලික එකක් බවද මෙම පැහැදිලි කිරීමේ සදහන්.
තමන්ට සුදුසු ආයෝජකයන් තෝරා ගැනීමේ අයිතිය හා නියමිත පටිපාටිය අනුව , මෙම ආයෝජනය පිළිබද ශ්‍රී ලංකාව තීරණය කර ඇති බවද චීන තානාපති කාර්යාලය පවසනවා.
එය කිසිදු රටකට තර්ජනයක් නොවන බවද මෙහිදී අවධාරණය කර තිබුණා.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ මෙම ව්‍යාපෘතිය චීන සමාගම්වලට ලබා නොදීම වෙනුවෙන් අදාළ ව්‍යාපෘතියේ පිරිවැය ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදීමට ඉන්දියාව එකඟ වූ බවයි.
එහෙත් මෙම ගණුදෙනුව යළි හැරවීමට ශ්‍රී ලංකා බලධාරීන් අකමැත්ත පළ කර ඇතැයිද එම වාර්තා පවසනවා.
ඩෙල්ෆ් දූපත ඇතුලු ඉන්දියාවට ආසන්න දූපත් 3ක මෙම බලශක්ති ව්‍යාපෘතිය සිදුවන අතර එහි සිට ඉන්දියාවට පවතින දුර කිලෝමීටර හතලිස් ගණනක් තරම් ආසන්න බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *