මිනුවන්ගොඩ-දිවුලපිටිය හමුදා සාමාජිකයින් කඳවුරුවලට එන්න එපා

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවල වෙසෙන සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නැවත දැනුම් දෙන තුරු සිය කඳවුරු වලට වාර්තා නොකරන්නැයි  දැනුම් දුන් බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මෙම ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරුවල රාජකාරි කරන සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් ද කඳවුරුවලින් වලින් පිටත  රාජකාරි වලට නොයා  කඳවුරු තුළ තුළම රඳවා තබා තබාගන්නා ලෙසට උපදෙස් ලබා දුන් බව හමුදාපතිවරයා පැවසුවා.

එම ප්‍රදේශවල සිට නිවාඩුව අවසන් කර කඳවුරුවලට පැමිණි සියලු දෙනාම පී සී ආර් පරීක්ෂණය සඳහා යොමු කරන බව ද හමුදාපතිවරයා සඳහන් කළා.

දිවුලපිටිය ප්‍රදේශයේ  කාන්තාවකට  කෝවිඩ් ආසාදිත වීමත් සමඟම මේ පියවර ගත් බවයි හමුදාපතිවරයා කියා සිටියේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.