ශ්‍රී ලංකා පොලිසිය විසින් හබරාදුව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි නාවික ආරක්ෂකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහු ඊයේ (03) රාත්‍රියේම හම්බන්තොට රෝහලට යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

මොහු අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉකුත් 18වනදින ලංකාවට පැමිණිමෙන් පසු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබෙනවා.

ඔහුගේ සති දෙකක නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු නිවසට යැවීම සඳහා අවසන් වරට ඊයේ කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබුණා.

ඒ අනුව දැනට හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය  වන පිරිස 80ක්.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.