දිවුලපිටිය ප්‍රදේශය ගැන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිදු කරන ලද ප්‍රකාශය

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට   සම්බන්ධ තත්ත්වයන්  පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය.

පොලිස්පති අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් විසින් අදහස් දක්වන ලදී. 

එහිදී, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පහත පරිදි වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි, නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන පරිදි, පොලිස්පතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවරා ඇති බලතල අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එම ඇඳිරි නීතියට අවනත වෙමින් කටයුතු කරන ලෙසට.

 විශේෂයෙන්ම, ඔබ දන්නවා අප පසුගිය මාර්තු 18 වන දා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය මාස තුනකට ආසන්න කාලයක් පැවතුණා. එම කාලය තුළ රටේ ජනතාවගෙන් සියයට අනූනවයක්ම ඊට අවනතව කටයුතු කළ නිසා අපට මෙම රෝගය පාලනය කරගෙන ලෝකයේ මෙම රෝගය පාලනය කළ දෙවැනි රට බවට පත්වන්නට හැකියාව ලැබුණා. එය මේ රටේ ජනතාව ලබාදුන් සහයෝගයේ ප්‍රතිඵලයක්.

 ඉතින්, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා හැමදෙනාගෙන්ම, විශේෂයෙන් එම ප්‍රදේශවල ජනතාවගෙන් මෙම ඇඳිරිනීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසට. ඒ වගේම, මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ පෙර පරිදිම කිසිවකුට එම ප්‍රදේශ වලින් තමන් සිටින නිවෙස් වලින් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම, වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා පමණක් එම පොලිස් බලප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම, යම්කිසි කෙනෙක් ඇඳිරි නීතියට පටහැණිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම නිරෝධායන කටයුතු සිදුකිරීමටත් සිදු වෙනවා. ඒ වගේම, ඒ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොලිස් නිලධාරීන් ඒ වගේම, සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔබගේ නිවසට ඔබගේ ආයතනයට ප්‍රදේශයට පැමිණීමට පුළුවන් මේ නිරෝධායන කටයුතු සඳහා, ඔවුන්ට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන හැටියට.

 ඒ වගේම ඒ පොලිස් බලප්‍රදේශ දෙකට මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත් ඊට පරිබාහිර ප්‍රදේශවල ජනතාවගෙනුත් ර‍ටේ සියලුම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා පෙර පරිදිම සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙලා කටයුතු කරන්න කියා. විශේෂයෙන්ම සබන් යොදා අත් සෝදා ගැනීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, මුහුණු ආවරණ පැලඳීම යන කටයුතුවල ඒ ආකාරයටම නිරත විය යුතුයි. ඒ වගේම යම්කිසි ස්ථානවල උත්සව පැවැත්වෙනවා නම් ඒ වගේම සාද සැණකෙළි පැවැත්වෙනවා නම් මේ ප්‍රදේශවලින් පරිබාහිර වුණත් ඒ හැම අවස්ථාවකම සෞඛ්‍ය බලධාරීන් ලබා දී තිබෙන උපදෙස් වලට අනුගතව කටයුතු කළ යුතුයි. අපි යම් ආකාරයක ළිහිල් බවක් දක්වා කටයුතු කළා මේ කාරණා සම්බන්ධයෙන්. නමුත් නැවත අවදානම් තත්වයක් උද්ගත වී තිබෙන නිසා අපිත් ශ්‍රී ලංකා පොලීසිය හැටියට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන්න කටයුතු කරනවා සෞඛ්‍ය බලධාරීන් සමග. ඒ නිසා මහජනයා බහුලව ගැවසෙන ස්ථාන සංවිධානය කිරීමේදී ඒවාට සහභාගි වීමේදී හැමවිටම දුරස්ථභාවය තබාගැනීම යන මේ කාරණා ගැන වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන්න කියා අප ඉල්ලා සිටිනවා. ඒ නිසා දැනට මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන පොලිස් බලප්‍රදේශවලට පණවන ලද පොලිස් ඇඳිරි නීතියට ඒ නිරෝධායන ඇඳිරි නීතියට අනුගත වෙලා කටයුතු කරන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. යම්කිසි තැනැත්තෙක් මේ නිරෝධායන ඇඳිරි නීතියට පටහැණිව කටයුතු කරනවා නම් එය නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත වගේම ලංකාවේ අපරාධ නීතිය, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් වෙනවා. එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයකුට එරෙහිව නඩු  පැවරීමේදී වරදකරු වුවහොත් ඔහුට සිර දඩුවමකින් හා දඩයකින් යන දෙආකාරයෙන්ම දඩුවම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන්න කියා මිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍රදේශවල ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.