ට්‍රම්ප්ගේ තත්ත්වය ගැන නවතම අනාවරණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තත්ත්වය හෙළිකර ඇති ප්‍රමාණයට වඩා අවදානම් බව ධවල මන්දිරයේ මෙහෙයුම් ප්‍රධානීයා අනාවරණ කර තිබෙනවා.
ඒ තමන් සුවයෙන් පසුවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ වීඩියෝ පණිවිඩයක්ද නිකුත් කිරීමෙන් පසුවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උණ රෝගී තත්ත්වය උත්සන්නවූ බව හා ඊයේ දිනයේ ඔහුගේ සිරුරේ ඔක්සිජන් මට්ටම වේගයෙන් පහත වැටුණු බවයි ධවල මන්දිරයේ මෙහෙයුම් ප්‍රධානී මාර්ක් මෙඩෝව්ස් කියා සිටියේ.
එහෙත් අද දිනයේදී ඔහු යම් මට්ටමකින් සුවයක් පෙන්වූ බවද අනාවරණ කර තිබුණා.
කෝවිඩ් ආසාදනයවූ පුද්ගලයන් අතරින් බරපතල තත්ත්වයන් මතුවන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට වනවා. මේ වන විට අමෙරිකානු ජනාධිපතිවරයාගේ වයස අවුරුදු 74 ක්.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.