කොරෝනා අවදානම ගැන විමසන්න දුරකථන අංකයක්

නව කොරෝනා වෛරසය සම්බන්ධ ඕනෑම ගැටළුවක් විසඳා ගැනීම සඳහා මහජනතාව වෙනුවෙන් පැය 24 ම කි‍්‍රයාත්මක දුරකථන අංකයක් හඳුන්වාදීමට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 1999 යන සුවසැරිය ක්ෂණික දුරකථන අංකය අමතා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින  ඕනෑම ගැටළුවක් විසඳා ගත හැකි බවයි එම කාර්යංශය සඳහන් කළේ. සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන භාෂා 03 න්ම අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සේවයේ යොදවා ඇති බව ද සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.