

පෙබරවාරි මාසයේ අවසන් සතිය වන විට මෙරට කොරෝනා මරණ වැඩි වීමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ, ජනවාරි මාසයේ පමණක් ආසාදිතයින් 20,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
”ජනවාරි මාසයේ ඉදන් පෙබරවාරි මුල වෙනකන් ලංකාවේ විවිධ තැන් වලින් ගත්ත සාම්පල 92ක්, වගේ ප්‍රමාණයක් පරීක්ෂා කරලා බැලුවට පස්සේ තමයි අලුත් ප්‍රභේදය සහිත රෝගීන් හමුවීම ලංකාවෙ ඉන්නවා කියලා තහවුරු වෙලා තියෙන්නෙ. ජනවාරි මාසයේ විතරක් අපේ රට තුළ රෝගයෙන් විසි දහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා.”
මේ අනුව නව ප්‍රභේදයේ රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් රට තුළ සිටිය හැකි බව අදාළ සංඛ්‍යා ලේඛන හරහා ප්‍රකාශ වන බව ද ඔහු සඳහන් කළා.
”සාම්පල අණු දෙකක් බලලා 16ක් හමුවුණා නම්, මේ 20000 ඇතුලේ, මම දන්නෙ නැහැ මේක කොහොමද අර්ථ දක්වන්න ඕන කියලා , මොකද සමහර තොරතුරු අපිට එළියට ඇවිත් නැති නිසා”
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471