ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයෙකු හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ ආධාරකරුවකු ලෙසින් සැලකෙන මහනුවර දිස්ත‍්‍රික් සන්ධාන පා.ම. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මෙහෙයවීම මත ඉදිර පළාත් පාලන මැතිවරණයට යටිනුවර ආසනය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක කණ්ඩායමට එරෙහිව ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා යටිනුවර ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයා ලෙස පත් කිරීමට යෝජනා වී තිබුණ ද ඔහු එජාපයට යාමට ඇති සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව සංවිධායකකම දීම ප‍්‍රමාද කර තිබේ. එයට විරෝධය පළ කිරීමක් ලෙස මෙම ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙන බවට තොරතුරු හෙළි වී තිබේ.

යටිනුවර ආසනයට ඉදිරිපත් කරන ලද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ලැයිස්තුව සඳහා ඇතුළත් කරන ලෙසට ඔහු නාමයෝජනා කමිටුවට දිගින් දිගටම බලපෑම් කර තිබේ. එහෙත් යටිනුවර ආසනයට ඉදිරිපත් කොට ඇත්තේ හොඳම අපේක්ෂක කණ්ඩායමක් බව නාමයෝජනා කමිටුව ප‍්‍රකාශ කිරීම නිසා කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කණ්ඩායමට අපේක්ෂකත්වය නොලැබී ඇත. එම පිරිස ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කොට ඇති අතර එම කණ්ඩායම එජාප, ශ‍්‍රීලනිප හා ජවිපෙ අපේක්ෂකයන්ට වඩා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට තර්ජනය කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටින බව ද වාර්තා වේ.-Sathhanda.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.