ලෝකයේ ප්‍රබල රටවල ජනතාව චීනය ගැන අප්‍රසාදයෙන්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් රැසක ජනතාව චනය කෙරෙහි අප්‍රසාදයකින් පසුවන බව නවතම වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා.
විශේෂයෙන් සංවර්ධිත රටවල ජනතාවගෙන් බහුතරයක් චීනය කෙරෙහි සෲණාත්මක ආකල්පයකින් පසුවන බවයි ජාත්‍යන්තර වශයෙන් සිදුකළ (Pew Research Survey) මත විමසුමකදී අනාවරණවී ඇත්තේ.
අමෙරිකාව, බ්‍රිතාන්‍යය , ජර්මනිය, නෙදර්ලන්තය ,ස්වීඩනය, ඔස්ටේ්‍රලියාව, දකුණු කොරියාව,ස්පාඥ්ඤය හා කැනඩාව යන රටවලිදී මෙම අප්‍රසාදය සියයට 61 ක් ඉක්මවා තිබෙනවා.
අමෙරිකාව තුල පමණක් එම තත්ත්වය සියයට 84 ක් බවට පත්ව තිබුණා.
කොරෝනා වෛරසය ආරම්භය හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැකයක් පැවතීමයි ඊට හේතුවී ඇත්තේ.
එසේම චීන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මෙම රටවල සියයට 78ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ලෝකයම කොරෝනාවෙන් පීඩා විදිමින් සිටියදී චීනය පමණක් ඉන් මිදීම සම්බන්ධයෙන්ද මෙහිදී සැක පලව තිබුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.