කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍රතා සේවිකාවකටත් කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවිකාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසුවේ හලාවත ප්‍රදේශයේ පදිංචි එම සේවිකාව මීගමුව රෝහලට යොමුකළ බවයි.
ඇයට වෛරසය ආසාදනයවූ ආකාරය මෙතෙක් හෙලිව නැහැ.
දෙවන පී සී ආර් පරීක්ෂණයෙන් පසුව ඇය අයි ඩී එච් රෝහලට මාරු කර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමටයි කටයුතු කරමින් පවතින්නේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.