නියමිත පරිදි පොහොර ලබා නොදීඹ හේතුවෙන් ත්‍රීකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රීක්කවල දින 45 බණ්ඩි ගොයම සම්පූර්ණයෙන්ම විනාශවී තිඛෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සදහන් කළේ දින 45ක් තුල එම ගොයම් සදහා පොහොර ලබාදිය යුතුව තිබුණධ එය ඉටු කළ නොහැකි වූ බවයි.
දිවයිනේ අනෙක් ප්‍රදේශවල ගොයම් සදහාද අවශ්‍ය පොහොර ප්‍රමාණවත් නොවීම හමුවේ එම වගා බිම්ද විනාශවෙමින් පවතින බවයි අනාවරණ වන්නේ.
මේ පිළිබද කෘෂිකර්ම අමාත්‍යවරයා කටයුතු කරන ආකාරය ගොවි ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇති අතර ඔහු පසුගිය මාසයේ පුවත්පතක් වෙත අදහස් දක්වමින් සදහන් කර තිබුණේ පොහොර ටොන් 75000 ක් මෙරටට ඒමට නියමිත බවයි.
එහෙත් පසුව පකිස්ථානයෙන් පැමිණෙණ පොහොර තොගය පසුගිය බදාදා දිනයේ දී මෙරටට ලගාවන බවයි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.
එහෙත් එයද අසත්‍යයක් වී තිඛෙනවා.
මේ පිළිබද අදහස් දක්වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියකු සදහන් කළේ මේ වන විටත් පොහොර ඛෙදා හැරීමට සූදානමින් පසුවන බවයි.
එහෙත් ප්‍රශ්නයකට ඇත්තේ පොහොර නැව මෙතෙක් නොපැමිණීම බවයි ඔහු සදහන් කළේ.
රටකට අවශ්‍ය ඉන්ධන / පොහොර ආදී දෑ සංචිත ලෙස පවත්වා ගැනීම බොහෝ රටවල් සිදුකරන අතර හදිසි අවස්ථාවකදී සාමාන්‍ය ක්‍රමවේදයන් හා ක්‍රියාවලිය කඩා වැටීම වැලැක්වීමයි එහි අරමුණ වන්නේ.
එහෙත් මෙරට තුල එය එසේ නොවන බව මෑතකාලීනව පැහැදිලිව පෙනෙන අතර ඊට හේතුව ලෙස සැලකිය හැකිවන්නේ අමාත්‍යවරුන්ගේ හා නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හා නොසැලකිල්ලයි.
ඒ හේතුවෙන් වගා හානි සිදුව ඇති ගොවීන්ට වන්දි ලබාදීම අනිවාර්යයෙන් සිදුවිය යුතු අතර කෘෂිකර්ම අමාත්‍ය ධූරයද කළ හැකි අයකුට ලබාදීම ගොවිපුතකු බව කියන ජනාධිපතිවරයාගේ වගකීමක් බව අප සිහිපත් කිරීමද කැමැත්තෙමු.
එසේ නොවන්නේ නම් එය මෙරට ගොවි ජනතාවගේ කරුමය මිස උරුමය නොවන බවද මෙසේ ලියා තබන්නෙමු.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.