මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 200 කට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමට හෝ නිරෝධායනයට යොමු කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුද හමුදාපතිවරයා පැවසුවේ, රෝහල් ගතවූ අයගේ පවුල්වල පිරිස් නිරෝධායනයට යොමුකිරීමට නියමිත බවයි.
ගතවූ කාලය තුළ එම කර්මාන්ත ශාලාව ආශ්රිත 1034 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළා.
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 207 දෙනෙකු වාර්තාවූ අතර ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4459 ක්.
1,172 රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 3274 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270