මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලා හිමිකරුට කොරෝනා

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමෙන් එහි සේවය කරන  පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ පී සී ආර් පරීක්ෂණ පවත්වා ඔවුන් අවශ්‍ය වන පරිදි නිරෝධායනයට යොමු කිරීම හෝ වෙනත් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණ කළා.

මේ හේතුවෙන් 150 ක් පමණ වන පොලිස් නිලධාරීහු පිරිසක් දැඩි අවදානමකට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

මෙසේ හදුනාගෙන ඇත්තේ ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පුතා ඇගලුම් ආයතනයේ සේවය කර කොරෝනා ආසාදිතයකු බව හෙළිවී තිබියදීත් ආපන ශාලවේ කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවයි තහවුරුව ඇත්තේ.

මිනුවන්ගොඩ පොලිසියේ මෙන්ම ඇදිරිනීතිය හේතුවෙන් වාර්තා කළ වෙනත් පොලිස් ස්ථානයන්ට අයත් පිරිස්ද  ආපන ශාලාව ප්‍රයෝජනයට ගෙන ඇතැයි ද හෙළි වී තිබෙනවා.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.