පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ අයකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා

බත්තරමුල්ල පැලවත්ත පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවයි.
ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වීම නිසා පිටස්තර පුද්ගලයින්ට ඊට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ බවයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.