යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයට කොරෝනා සීමාවන් පනවයි

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීම සමග එම ගම්මානයට ඇතුලුවීම හා පිටවීම සීමා කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
පුන්කුඩතිව් ප්‍රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ ඇඟලුම් ශාලාවේ සිට එබ්ලිව් පී එන් ඩී 6503 නැමති බස් රථයෙන් යාපනයට ගොස් ඇති අතර යාපනයේ සිට පුන්කුඩතිව් සිය නිවස දක්වා එන් පී එන් ඩී 8790 නැමති බස් රථවල ගමන් කොට ඇති බවට තොරතුරු අනාවරනය වී තිබුණා.
එම බස් රථ වල ගමන්ගත් මගීන් තම තොරතුරු ලඟම පිහිටි පොලීසියට හෝ සෞඛ්‍යය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසයි ආරක්ෂක අංශ ඉල්ලීමක් කළේ.
එමෙන්ම පුන්කුඩතිව් ගම්මානයේ පදිංචිකරුවන්ට ඉන් පිටව යාමේදී අත්‍යාවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටව යාමටත් පිටස්තර සිට පැමිණෙන අයෙකුට ගම්මානයේ පදිංචි නම් පමණක් ඇතුල්විය හැකි අයුරින් සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම කොරෝනා ආසාදිත කාන්තාව ගමන්ගත් බස් රථවල ගමන් කළ බවට සැකකරන සියයක පමණ පිරිසක් ද නිරෝධායනයට යොමුකර තිබෙනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.