දාරළුවේ දුර්ලභ ගස ඛේරෙයි / අධිවේගයටත් විසදුමක් ලැඛෙයි

Sri Lanka

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේ දී හමුවූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇතැයි වනජීවී හා වනසම්පත් අමාත්‍ය CB රත්නායක මහතා පවසනවා.

එම ශාඛය කපා දැමීමඳල ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසත්, ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද රත්නායක මහතා පවසුවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අදහසට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා ප්‍රකාශ කළා.

හොඳින් වැඩුණු ශාකයක් වන එම කෲඩියා සිලනිකා ශාකය ඉවත්කිරීමට එරෙහිව පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් විරෝධය දැක්වූ අතර විද්වතුන්ගේ මත ඇතුළු සියලු විරෝධතා ගැන ද සලකා මෙම තීරණය ගත් බව ද ඔහු පැවසුවා.

කෲඩියා සිලනිකා ශාඛය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සේ සැළකෙන අතර එය වඳවී ගිය ශාකයක් ලෙස රතු දත්ත පොතටද එක්ව තිබු අතර මෙම ශාඛය හමුවීමෙන් පසු තවත් ශාක කිහිපයක් හමුවී තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *