මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ 125ක් තවමත් අතුරුදන්

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 125 ට ආසන්න පිරිසක් මෙතෙක් සෞඛ්‍ය අංශ හමුවට ඉදිරිපත් වී නොමැති බව අනාවරණ කර තිබෙනවා.
යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම පිරිස් සෙවීමට හමුදා බුද්ධි අංශ යොදවා ඇති බවයි.
මෙම සිද්ධිය ජාතික කර්තව්‍යක් ලෙස සළකා ලබා දී ඇති නියෝග අනුව පොලිසිය හමුවට ඉදිරිපත් වන ලෙසට හමුදාපතිවරයා එම පිරිස්වලට දැනුම් දෙනවා.
සෞඛ්‍ය බලධාරීන් හමුවට මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ සේවික සේවිකාවන් හා ඔවුන්ගේ ආශි‍්‍රතයන් හට 0113456548 දරණ දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබා දිය හැකියි.
මේ අතර පොලිසිය ලබා දී ඇති නියෝග අනුව මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක පිරිසට සහ ඔවුන් සඟවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන අනුව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පොලිසියේ නිවේදනය නොකතා මෙම සේවක සේවිකාවන් කිසියම් පිරිස් සගවාගෙන සිටින්නේ නම් එම ස්ථාන තහනම් කරන බවත්, වාහන වලින් ප්‍රවාහන කර ඇත්තේ නම් එම වාහන ධාවනය ද තහනම් කරන බවත් අජිත් රෝහණ මහතා කියා සිටියා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.