මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් කොළඹට අවදානමක්

මිනුවන්ගොඩ කෝවිඩ් පොකුරේ ව්‍යාප්තියේ වැඩි බලපෑමක් කොළඹ දිස්ත්‍රික්කයට පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක යාබදව පිහිටා තීබීමෙන් සහ දෛනිකව විශාල පිරිසක් කොළඹට පැමිණෙන හෙයින් මෙම අවදානම පවතින බවයි.

මේ අතර මිනුවන්ගොඩ කර්මාන්ත ශාලව අශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සාම්පලවල පවතින වෛරස් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව ද ඔහු අනාවරණ කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාමත් සමග වෙනත් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම දිස්ත්‍රික්කයට අනියුක්ත කර තිබෙනවා.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.