ට්‍රම්ප් සුවෙන් / වෛද්‍යවරු කියයි

කොරෝනා වයිරසය වැළදුනු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත් බව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා නිවේදනය කරනවා.

මෙම සති අන්තයේ සිට මහජන හමු සඳහා සහභාගීවීමට ඔහුට හැකියාව පවතින බවයි වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කරන්නේ. අද දිනයේ PCR පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර සති අන්තයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු යළි ආරම්භ කරන බවයි ධවල මන්දිරය නිවේදනය කරනවා. එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී ඔහුගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් සමග සජීවී විවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි. කෙසේ වුවද මුහුණට මුහුණලා නොපැවැත්වෙන විවාදයක් සඳහා තමන්ට සහභාගී වීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.