විදෙස්ගතව ලංකාවට පැමිණෙන සියළු දෙනා දින 14ක් නිරෝධායනයට ලක් කළද එම නීතියට අනුගත නොවූ චීන දූත කණ්ඩායම දිවයිනට ළගාවී තිබෙනවා.
ඒ මේ දක්වා විදෙස්ගතව පැමිණෙන්නන් සම්බන්ධයෙන් පැවැති කොරෝනා ආරක්ෂණ සීමාවන් නොතකා හරිමිනුයි.
මේ පිළිබද ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ චීන රජයේ ප්‍රබල දූත පිරිසක් මෙරටට පැමිණෙන බැවින් මෙම සීමාවන් ඔවුන්ට අදාළ නොවන බවයි.

ඔවුන් එක් දිනක් පමණක් ලංකාවේ ගත කරන බවද මෙහිදී අනාවරණ කර තිබුණා.කෙසේ වෙතත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය චීනය විසින් ලංකාවට එල්ල කර ඇති දැඩි බලපෑමේ ප්‍රබලත්වය පෙන්නුම් කරන බවයි.
සමස්ථ ලාංකිකයන්ට මෙන්ම ලෝකයේ අනෙක් රටවලට අදාළ වන නීති පවා චීනයට හා එහි පුරවැසියන්ට ලංකාව තුල අදාළ නොවන තරම් මෙය කණගාටුදායක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ලෝකයට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම චීනයෙන් ඇරඹුණු අතර මේ වන විට චීනය හැර සමස්ථ ලෝකයම එහි ගොදුරක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවද දෙවන කොරෝනා රැල්ලකින් පීඩා විදිමින් සිටියදී මෙම චීන නියෝජිත පිරිසේ සංචාරය සිදුවීම විශේෂත්වයක්.

මීට පෙර අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු පි සී ආර් පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළුවීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධයක් මතුවුණා.
කෙසේ වෙතත් නිරෝධායන නීති අදාළ නොවුණද මෙම චීන නියෝජිතයන්ට පී සී ආර් පරීක්ෂණ සිදුකරන බවයි රජය ප්‍රකාශ කළේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.