මන්නාරම රදගුරු නිවසේ පුද්ගලයකුටත් කොරෝනා

මන්නාරම රදගුරු නිල නිල නිවාසයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.
ඒ සමග මන්නාරම රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බවයි මන්නාරම් පොලීසිය පැවසුවේ.
කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට මෙසේ කොරෝනා වෛරසය වැළඳී ඇති අතර ඔහුට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් මන්නාරම් රෝහලෙන් පසුගිය 07 වනදා ප්‍රතිකාර ලබාගෙන තිබුණා.
මෙම ආසාදිතය 54 වන වියේ පසුවන අතර ඔහු මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීමක් සදහා සම්බන්ධවී සිටි අයෙක්.
මේ වන විට අදාල පුද්ගලයා ඇසුරු කරන ලද සියලු පිරිස හඳුනාගැනීම ආරම්භ කර තිබෙනවා. – වන්නි – රොමේෂ් මධුසංඛ

 

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.