දික්ඕවිට ධීවර වරාය අද (10) තාවකාලිකව වසා දැමීමටකටයුතු කර තිබෙනවා.
එහි කළමනාකරු එස් ඒ ටී නාමල් මහතා ලංකා ඒ නිවුස් වෙත පැවසුවේ පෙරේදා දිනයේ මෙම වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම සමඟ වරාය වසා දැමූ බවයි.
මෙසේ ආසාදිතයකු බවට පත්ව තිබුණේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.
ඔහු තවත් ධීවරයන් 5 දෙනකු සමග මුහුදේ සිටියදී උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර යළි ගොඩබිමට පැමිණීමෙන් පසුව හෙළිව තිබුණේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.
යාත්‍රාවේ සිටි සෙසු ධීවරයින් 5 දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ අතර තවත් සියයක පමණ පිරිසක් දික්ඕවිට වරාය තුල මේ වන විටත් රදවා ඇති බවද කළමනාකාරවරයා ලංකා ඒ නිවුස් වෙත ප්‍රකාශ කළා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.