බස් රථයක් දුම්රියක ගැටී තායිලන්තයේ 17ක් මරුට

තායිලන්තයේ දී බස් රථයක් හා දුම්රියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 17 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ අනතුරින් 29 දෙනකු තුවාල ලබා ඇති බවයි.
බැංකොක් සිට කිලෝමීටර 50ක් දුරින් පහිටි ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව තිබුණා.
සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය වඩාත් බරපතල බවයි මාධ්‍ය වාර්තා සදහන් කළේ.
විහාරස්ථානයක පැවැති ආගමික කටයුත්තකින් පසු නික්ම යමින් සිටි පිරිසක් මෙම අනතුරට ගොදුරුව තිබුණා.
තායිලන්තයේ රිය අනතුරු බහුලව සිදුවන අතර එරටට ලෝකයේ වැඩිම රිය අනතුරුවලින් 2 වන තැනද හිමිව තිබෙනවා.(AFP)

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.