කොරෝනා ආසාදිතයන් සතුරන් නොවේ / පුද්ගලිකත්වයට හානි නොකරන්නැයි විද්‍යුත් මාධ්‍යයට උපදෙස්

කොරෝනා ආසාදිතයන් හා නිරෝධායනයට ලක් කරන ජනතාව සම්බන්ධයෙන් වගකීම් සහිතව කටයුතු කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියළු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා.
මාධ්‍ය ආයතන වෙත පණිවිඩයක් යොමුකරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සදහන් කළේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් කොරෝනා ආසාදිතයන්ගේ දර්ශන , නිවාස ආදිය මෙන්ම පුද්ගලිකත්වයට හානිකර වන දර්ශන ප්‍රචාරය කරමින් පවතින බවයි.
කොරෝනා ආසාදිතයන් හා ආශ්‍රිතයන් සමාජ විරෝධීන් මෙන් හැඟීයන ආකරයෙන් සිදුවන එම වාර්තාකරණයන් ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති බවද එහි සදහන්.
එබැවින් වඩාත් ධනාත්මකව හා වගකීම් සහගතව මෙම උවදුර මර්ධනයේදී කටයුතු කරන ලෙසයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කරන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.