මාස්ක් නැතිව පාරේ ගියොත් මාස 6ක් හිරේ / රෙගුලාසි ගැසට්ටුව හෙට හෝ අනිද්දා

ඉදිරි දින දෙක තුල සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ, අදාළ නීති කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.
එය හෙට දිනයේ තමන් වෙත ලැබීමෙන් පසු අනිද්දා දිනය වන විට එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම නියමයන්ට අනුව කටයුතු නොකරන පුද්ගලයන්ට මාස 6ක සිර දඩුවමක් හිමිවන ආකාරයටයි මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ.
ඒ අනුව මුව ආවරණ නොපැළදීම , සමාජයේ ගැවසෙන තැන්වල මීටරයක දුර පවත්නා නොගැනීම ,යම් ආයතනයක හෝ පරිශ්‍රයක හිමිකරුවන් ඒ වෙත ඇතුලුවන්නන් ආරක්ෂිත පුද්ගලයන් බව තහවුරු කර නොගැනීම ආදී කාරණා මෙහිදී වැරදි ලෙස සලකන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය අනාවරණ කළේ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.