ජපුර සරසවියේ තවත් සිසුවියකට කොරෝනා

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු කර තිබෙනවා.

ඒ පසුගියදා එම සරසවියෙන් හදුනාගත් කොරෝනා ආසාදිත සිසුවිය සමග එකම ස්ථානයක නවාතැන් ගෙන සිටි සිසුවියකටයි.

ඔවුන් දෙදෙනාම ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ තුන්වන වසරේ සිසුවියන් වනවා.

මෙම සිසුවියන් දෙදෙනා නවාතැන් ගෙන සිටි අදාළ නිවස හිමි කාන්තාව සහ තවත් පුද්ගලයෙකු පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකළද ඔවුන්ට වෛසරය ආසාදනයවී නොමැති බවයි තහවුරු කෙරුණේ.

මේ අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.