ඉන්දියාවේ මුම්බායි නුවරට විදුලිය බිදවැටෙයි

ඉන්දියාවේ මුම්බායි නගරයේ විදුලි සැපයුම ඇනහිට ඇති බව වාර්තා වනවා.

විදුලිය ඇන හිටීම හේතුවෙන් මුම්බායි නගරයේ මිලියන ගණනක් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. අද උදෑසන 10.00 පමණ විදුලිය බිද වැටීම සිදුව ඇති අතර ප්‍රධාන විදුලි සැපයුමට එක් කෙරෙන අතුරු විදුලි සැපයුමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව වාර්තා වනවා. දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටියද මුම්බායි ගුවන්තොටුපොල හා කොටස් වෙළෙදපොල අඛණ්ඩව ක්‍රියාත්මකයි. කෙසේ වුවද හැකි ඉක්මනින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරන බව නිලධාරීන් සදහන් කරනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.