

අමෙරිකාවේ ප්‍රධානතම වංසගත රෝග විද්‍යාඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි ඊශ්‍රායලය විසින් ලබා දෙන විද්‍යාව සඳහා වූ ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගෙන තිඛෙනවා.
ඒ කොරෝනා වසංගත සමයේ විද්‍යාත්මකව එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම මතයි.
හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වසංගතයට එරෙහිව විද්‍යාත්මක අදහස් නොසලකා හරින ලද අතර මුව ආවරණ පැළදීම හා පුද්ගල දුරස්ථභාවය ප්‍රතික්ෂේප කර තිබුණා.
එහෙත් ඊට එරෙහිව ජනතාව දැනුවත් කරමින් අමෙරිකානුවන්ට වසංගතයට එරෙහි විද්‍යාත්මක උපදෙස් පිළිපදින ලෙසයි වෛද්‍ය ඇන්තනි ෆවුචි උපදෙස් ලබාදුන්නේ.
ඒ හේතුවෙන් ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේදනයට ද ලක්වුණා.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි 2020 වසරේ විද්‍යාව වෙනුවෙන් ලබාදෙන ඊශ්‍රායල ත්‍යාගය ඔහුට පිරිනමා ඇත්තේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476