රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ගේ ලිපින හා දුරකථන අංක රැස්කරයි

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකථන අංක යාවත්කලින කිරීමට පියවර ගන්නා ලෙස ආයතන ප්‍රධානින් ගෙන් ඉල්ලීමක් කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මතුවිය හැකි තත්ත්වයන් තුල එය වඩාත් වැදගත් විය හැකි බවයි ඔහු කියා සිටියේ.

” බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය සමග ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ දැඩි ගැටළු කිහිපයකට මුහුණ දුන්නා මෙම සේවක සේවිකාවන්ගේ ලිපිනයන් සහ දුරකථන අංක සොයා ගැනීමට. බොහෝ දෙනා රැකියාවට එන විට පදිංචිව සිටින ස්ථානයේ දැන් පදිංචිය නැහැ. ඒ වගේම ඔවුන්ගේ දුරකථන අංක පවා වෙනස් වෙලා. මේ හේතුවෙන් මේ පියවර ගන්න කියලා අපි සියලු ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.