උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් නිපදවයි

ලොවටම තර්ජනය කළ හැකි ඉතා විශාල අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.

උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ 75 වෙනි සංවත්සර සැමරුම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියේදී එම මිසයිලය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේ වන විට උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දෙකක් අත්හදාබලා තිබෙනවා. කිලෝමීටර් දස දහසක් දුර ඉලක්ක කරගනිමින් එල්ල කළ හැකි හුවසොන් 14 බැලස්ටික් මිසයිලය 2014 වර්ෂයේදී අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිලය යුරෝපා කලාපයේ සහ ඇමෙරිකාවේ අර්ධයකට පහර එල්ල කළ හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. 2015 වසරේදී අත්හදා බැලූ කිලෝමීටර් දහතුන් දහසක දුරකට එල්ල කළ හැකි හුවසෝන් 15 මිසයිලය ප්‍රභලත්වයෙන් ඉහළ මට්ටමක පවතිනව බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.