කොරෝනාවෙන් අසරණවූ ලාංකිකයන් පිරිසක් ඩුබායිහී උද්‍යානවල

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව අසරණවූ ලාංකීය ශ්‍රමිකයන් රැසක් ඩුබායි රාජ්‍යයේ වීථි තුල රැදී සිටින බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා.
ඒ අතරින් පිරිසක් ඩුබායි හී සැට්වා උද්‍යානය තුල රැදී සිටින බවයි එම වාර්තා පවසන්නේ.
ඔවුන්ගෙන් පිරිසක් කොරෝනා වසංගතය හමුවේ රැකියා අහිමිවූවන් වන අතර බහුතරය කෙටි කාලීන වීසා මත රැකියා සොයා ඩුබායි රාජ්‍යය වෙත පැමිණි අයයි.
නවාතැන් පවා අහිමි එම පිරිස ආහාර පවා සපයා ගැනීමේ ගැටළුවකට මුහුණපා තිබෙනවා.
ඔවුන්ගෙන් බහුතරයක්ම වීසා කාලය අවසන්වීමේ ගැටළුවකටද ලක්ව ඇති බවයි ටෙලිග්‍රාෆ් වාර්තාව පවසන්නේ.
කෙසේ වෙතත් ලංකාව තුල දෙවන කොරෝනා රැල්ලක් ඇරඹීම හේතුවෙන් මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට රැගෙන ඒමද යළි සීමා කර තිබෙනවා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.