දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා ඊයේ අනාවරණ කළා.
මේ වන විටත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.
කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමක තිබෙන නමුත් කොළඹ ජනගහනය / තදාසන්න ප්‍රදේශ, ජන ඝනත්වය වැඩිවීම හා අවස්ථා වැඩිවීම සහ නාගරික පරිසරය යන කරුණු මත අවදානමක් තිබෙන බව අමතක නොකළ යුතු බව ද ඔහු කියා සිටියා.
ඒ අනුව කොළඹින් ආසාදිතයන් හමු වුවහොත් පැතිරීමේ අවදානම වැඩි බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ.
දැනට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන වැඩි වුවහොත් ඉදිරියේදී දුෂ්කර තත්ත්වයක් මතුවිය හැකි යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.