පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතාද පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වරෙන්තුවක් නොමැතිව රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගත හැකි බව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය කළ ප‍්‍රකාශය සැලකිල්ලට ගනිමින්. පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනාවකට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය සදහන් කළේ.

මැතිවරණ නිති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ජන්දය ප‍්‍රකාශ කිරිම සඳහා අවතැන් වූවන් ප‍්‍රවාහනයට ලංගම බස්රථ යෙදවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.